Gossips

රට ගොඩනැගීමට ඇති ප්‍රධාන බාධාවක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

වංචාව දූෂණය මෙන්ම මහජන නියෝජිතයින් තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම රට ගොඩනැගීමට ඇති ප්‍රධාන බාධාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 1900 ක වියදමින් ඉදිකෙරුණු පොළොන්නරුව නව මහනගර සභා ගොඩනැගිල්ල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.