Gossips

රට අස්ථාවර කර ඇතැයි බැසිල්ගෙන් චෝදනා

‘‘ආණ්ඩු විරෝධී ජාතික හටන ’’ නමින් නිවිතිගල ප්‍රදේශයේ අද පැවති සම්මන්ත්‍රණයට එක්වෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ අසත්‍ය චෝදනා එල්ල කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව පසුගිය වසර තුන පුරාවටම රට අස්ථාවර කර ඇති බවයි.
මේ අතර, රටේ ආයෝජන බිද වැටීමට හේතුවූයේ මහබැංකු බැදුම්කර වංචාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
පානදුර ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඔහු පෙන්වා දුන්නේ මහබැංකු වංචාවෙන් පසු ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීම නොකළ බවයි.