Gossips

රට අගාධයට ඇද හැලෙන බව බන්දුල කියයි

රටේ පවතින දේශපාලන අර්බුදයෙන් විවිධ ජාවාරම්කරුවන් වාසි ලබා ගැනීමේ අවදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.
රට දිනෙන් දින පහළට ඇද වැටෙන බව ද මන්ත්‍රීවරයා එහිදී සදහන් කළා.
මේ අතර, එළිය සංවිධානය කොළඹ අද මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම හරහා අග්‍රාමාත්‍යවරයා තවදුරටත් විශ්වාසය, භංග කර ගත් බවයි.