Gossips

රටේ ගැටලු විසඳීමට කැපවී කටයුතු කරන බව අගමැති කියයි

රජයක් ලෙස රටේ පවතින ගැටලු විසඳීමට කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
සිංහල හා දෙමල අලුත් අවුරුදු උදාවත් සමඟ අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරතවීම සඳහා නුවරඑලිය – බඹරකැලේ ශ්‍රී මහා විහාරස්ථානයට පැමිණි අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සිංහල හා දෙමල අලුත් අවුරුද්ද සමරමින් තංගල්ල කාල්ටන් නිවසේදී අවුරුදු චාරිත්‍රවල නිරත වුණා.