Gossips

රටේ ආර්ථිකයට රාජ්‍ය සේවකයින්ට ගෙවන වැටුප බරක් -නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ

රට ආර්ථිකමය වශයෙන් අගාධයකට වැටී ඇත්තේ රාජ්‍ය සේවකයින් විශාල සංඛ්‍යාවක් සේවයෙහි යොදවා තිබීම නිසා බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් රජයට වාර්ෂිකව වැයවන බවයි.
අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන් කියා සිටියේ යහපාලන රජය ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි.