Gossips

රටේ අනන්‍යතාව රැකීමේ අයිතියක් මහා සංඝයාට තිබෙනවා – බෙල්ලන්විල ධම්මරතන හිමි

ජනතාව අසීරුවෙන් ජීවත් වන අවස්ථාවක නව වසර උදාව සැමරීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ මොරටුවේ පැවැති උත්සවයකින් අනතුරුව විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
මේ අතර, බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට ද මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා.
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ 80 වන ඡන්ම දිනය වෙනුවෙන් බෝධි පුජා පිංකමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ආචාර්ය පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි – විහාරාධිපති බෙල්ලන්විල රජ මහා විහාරය
– සමහර අය කියනවා හාමුදුරුවෝ දේශපාලනයට බය වෙනවයි කියලා. නමුත් අපේ මහ නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කළා මේ රටේ සංස්කෘතිය, මේ රටේ අනන්‍යතාවය බැදීමක අයිතියක් මහා සංඝ්‍යාවහන්සේට ඓතිහාසික වශයෙන්ම ලැබිලා තියෙනවා කියලා. නමුත් මේ සංස්කෘතිය නැති කිරීම සදහා ස්වභාවික වශයෙන් ඇති වෙන තර්ජනත් තියෙනවා. අපේම අය විසින් ඇති කරන තර්ජනත් තියෙන යුගයක අපි ඉන්නේ. මේවා ගැන අපි කතා කරන නිසා විශේෂයෙන්ම දෙමළ නායකයින් ඒ වගේම දෙමළ නායකයින්ගේ සහයෝගය බලාපොරොත්තුව අපේ සමහර සිංහල මහත්වරුන් කියනවා හාමුදුරුවරු ජාතිවාදී කියලා. මේ හාමුදුරුවන්ට ජාතිවාදී, ආගම්වාදී කියන වචනය පාවිච්චි කිරීම බරපතළ අපරාධයක්. මේ රටේ ඉන්න වෙනත් ආගම් අදහන හැම කෙනෙක්ම කල්පනා කළොත් ඉතාම හොඳයි මේ රටේ වැඩි ජනගහණය බෞද්ධ වීමත්, ඒ වගේම මේ රටේ බහුතර භික්ෂූන්වහන්සේලා සිටීමත් ඒ ආගම්වලට ලැබිච්ච ආශිර්වාදයක් මේ සිංහල, දෙමළ මුස්ලිම් ඒ හැම දෙනාම ආරක්ෂා කිරීමේ වගකීම බෞද්ධයින්ට බෞද්ධ භික්ෂුන්වහන්සේලාට තියෙනවයි කියන එක අවබෝධ කරගෙන ඉන්නේ.
– ජනාධිපතිතුමා ඒ වගේම මේ මෑතක හිටපු අගමැතිතුමා, දැන් විරුද්ධ පක්ෂයේ නායකතුමා මේ අවස්ථාවට පැමිණියා. අපි දේශපාලන හේතූන් මත ආරාධනා කරලා එහෙම අපි එතුමා ගෙන්න ගත්තා නෙමෙයි. විහාරස්ථානයට ඕනෑම වෙලාවක එන්න ඔබතුමාට අයිතියක් තියෙනවා. දේශපාලන මාර්ගයට වැටෙන්නෙ නැතුව මේ වචන ටිකත් මං කියන්න ඕන. අපි හුඟාක් දෙනාට අමතක වෙලා තියෙනවා අපි කොහොමද මේ යුද්ධය ඉවර කරන්න ඉස්සෙල්ලා අපි ජීවත් වුණේ කියලා. ඒක අවසාන කරලා මේ රටට නැවත නැගිටින්න පදනම දාලා දීපු නායකයා නිසා අපි එතුමාට ණය ගැතියි. මේ පෞද්ගලිකව ලැබිච්ච දෙයක් නිසා නෙමෙයි මේ රට බේරාගත් නායකයා හැටියට ඒක මම මේ අවස්ථාවේ මතක් කරනවා.