Gossips

රටේම අවධානය යොමුවූ අනතුර ගැන දිමුත් ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පසුගියදා ඔහු අතින් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සමාජ ජාලය ඔස්සේ සටහනක් තබමින් සමාව ඉල්ලා තිබෙනවා.
සිදු වූ අනතුර සම්බන්ධයෙන් දිමුත් පවසා ඇත්තේ තමා අතින් අනතුරට ලක්වූ ත්‍රී රෝද රථ රියදුරාගෙන් පළමුව සමාව අයද සිටින බවත් අනතුරින් තුවාල ලබා රෝහල් ගතවි සිටි ත්‍රී රෝද රථ රියදුරා රෝහලෙන් පිටවී ගොස් ඇති බවත් දිමුත් එම සටහනේ බවසා තිබෙනවා.
මෙම අනතුර තමා අතින් සිදු වරදක් නිසා ත්‍රී රෝද රථ රියදුරුගේ අවශ්‍යතා සියල්ල වෙනුවෙන් දිමුත් ඉදිරියේදී කටයුතු සිදු කරන බවත් සඳහන් කර තිබෙනවා. තවද තමා අද උදෑසන අධිකරණයට වෙත ඉදිරිපත් වෙමින් ශ්‍රී ලංකා නීති ක්‍රියාවලිය පිළිපදිමින් අනුගමනය කළ බවත් දිමුත් එම සටහනේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
තමා අතින් සිදු වූ මෙම රිය අනතුර ශ්‍රී ලාංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු අතින් සිදුනොවිය යුතු ක්‍රියාවක් බව හොඳින් දන්නා බවත්, මෙම සිද්ධිය සඳහා ඔබ සියලු දෙනාගෙන් සමාව අයද සිටින බවත් දිමුත් කරුණාරත්න එම සටහනේ පවසා තිබෙනවා.rn