Gossips

රටින් පිට කිරීමට තැත් කළ මුහුදු අශ්වයින් සහ කොතල හිඹුටු බඳුන් රේගු භාරයට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මුහුදු අශ්වයින් සහ කොතළ හිඹුටු බඳුන් තොගයක් චීනය බලා රැගෙන යාමට තැත්කළ චීන ජාතිකයන් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ ඔවුන් වයස අවුරුදු 35, 37 සහ 40 යන වයස්වල පසුවන අය බවයි.
සැකකරුවන් සතුව තිබූ ඇසුරුම් තුනක බහා තිබූ වියලන ලද මුහුදු අශ්වයින් 265 දෙනෙකු සහ රුපියල් 160,000 ක් පමණ වටිනා කොතල හිඹුටුවලින් සකසන ලද බඳුන් 8 ක් මෙලෙස රේගු භාරයට ගෙන ඇති බව සඳහන්.

ඡායාරූප – කටුනායක ටී කේ ජී කපිල