Gossips

රටවල් 10 ක් සඳහා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 10 ක් සදහා නව තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් පත් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගියදා ඔවුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජන කරන රාජ්‍ය දූතයින් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති සහ දැක්ම පිළිබදව දැඩි ලෙස කැප විය යුතු බවයි.
ඒ අනුව, රුසියාවේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ආචාර්ය දයාන් ජයතිලක පත් කර ඇති අතර, ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස පත් කර ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුයි.
ඊට අමතරව, නෝර්වේ රාජ්‍යයේ නව තානාපතිවරිය ලෙස මහාචාර්ය අරූෂා කුරේ පත් කර ඇති අතර, බ්‍රසීලයේ නව තානාපතිවරයා ලෙස එම්.එම්.ජෆීර් පත් කර තිබෙනවා.
පෝලන්තයේ නව තානාපතිවරයා ලෙස සී.ඒ.එච්.එම්. විජේරත්න පත් කර ඇති අතර, වියට්නාමයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය වන්නේ එස්.එස්.ප්‍රේමවර්ධනයි.
කැනඩාවේ ශ්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා ලෙස එම්.ඒ.කේ.ගිරිහාගම පත් කර ඇති අතර, දකුණු අප්‍රිකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස අනුරුද්ධ කුමාර මල්ලිමාරච්චි පත් කර තිබෙනවා.
නූර්දින් මොහොමඩ් ෂහීඩ් පකිස්ථානයේ නව මහකොමසාරිස්වරයායි.
පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ඔවුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය දූත ප්‍රධානීන්ගේ ප්‍රධාන සහ පළමු වගකීම වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශයන්හි ප්‍රවර්ධනය කිරීම බවයි.
එමෙන්ම, තමන් සිටින රටවලින් උපරිම සහයෝගය මෙරටට ලබා ගැනීමට කටයුතු කිරීම ද ඒ අතර වන බවයි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.