Gossips

රටම යළි කතාවෙන විල්පත්තු වන විනාශය ගැන රටේ අවධානය යොමු කරමින් හිරු පළමුවරට කළ හෙළිදරව්ව

විල්පත්තු වන විනාශය පිළිබඳ මේ දිනවල යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ කථා බහක් නිර්මාණය වී තිබෙනවා.
මෙම වන විනාශය පිළිබඳ මුල්වරට 2014 වසරේ අප්‍රේල් 08 වනදා හෙළිකරනු ලැබුවේ හිරු ප්‍රවෘත්ති තුලින් ගෙන ආ CIA විශේෂාංගය මගින්.
විල්පත්තු අභය භූමියේ මෙන්ම මඩු රක්ෂිතයේ සිදුවන නීති විරෝධී නැවත පදිංචි කිරීම් සහ වන විනාශයන් පිළිබඳ හිරු සී අයි ඒ හරහා පසුගිය කාලය පුරා අප දිගින් දිගටම කරුණු අනාවරණ කළා.
නැවත පදිංචි කිරීම්වලට මුවාවී සිදුවන මෙම වන සංහාරය පිළිබඳ අප හෙළිකළේ දර්ශණ සාක්ෂි ද සහිතවයි.
එම හෙළිදරව්වත් සමග විල්පත්තුවේ සිදුවන වන විනාශය පිලිබඳ රටේම ජනතාව අවදි වූ අතර ඔවුන් ඊට එරෙහිව පෙළගැසෙන්නට පටන් ගත්තා.
පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ද අවධානය මෙම වන විනාශයට යොමු වූ අතර ඔහු මෙම වන විනාශය නතර කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළා.
මේ සම්බන්ධයෙන් හිරු CIA සිදුකළ පළමු හෙළිදරව්ව ඇතුළු සියළු ප්‍රවෘත්ති සහ වීඩියෝ දර්ශණ පහතින්.