පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකට ඩී වී සුමතිපාල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2006 වර්ෂයේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසකින් අදාළ සොරකම සිදුකිරීමයි ඔහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනාව වන්නේ.
ඒ අනුව මරණ දඬුවම හිමිව බන්ධනාගාරගතව සිට යළි නිදහස හිමිව සිටි හිතුමතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත්තා.
අනතුරුව "හිතුමතේ" කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කෙරුණා.
කෙසේ වෙතත් ඔහුට ඇප ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
