Gossips

රටම කතා වූ වෙසක් තොරණ තහනම් කිරීම ගැන ඇත්ත කතාව ?

වෙසක් සහ පොසොන් පොහොය දිනයන්හි තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීමක් සිදුකර නොමැති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීති ගෙනඒම පිළිබඳ අවධානය යොමුවනු ඇති බවත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.
– අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා
– අපි ඉල්ලන්නේ වෙසක් සහ පොසොන් දවස් දෙකේ විතරක් පන්සල කේන්ද්‍රීය ස්ථානය කරලා සවස ආගමික වතාවත්වලට බහින්න. මේක 2002 අපේ වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා බුද්ධශාසන ඇමතිවරයා විදිහට චක්‍රලේඛනයක් යවලා තියෙනවා, මෙය අනිවාර්ය කරලා. ඒ නිසා මේක අලුත් දෙයක් නෙමෙයි. මෙතන අපි නීතියෙන් තහනම් කිරීමක් නැහැ. අනාගතයේ අපි ඒ ගැන බලයි.