Gossips

රටම ආදරය කළ ප්‍රවීණ රංගන ශිල්පිණිය විදෙස් රටකදී හදිසියේම මියගිය බවට පැතිර යන කතාවේ ඇත්ත මෙන්න

රටම ආදරය කළ ප්‍රවීණ රංගන ශිල්පිණිය විදෙස් රටකදී හදිසියේම මියගිය බවට පැතිර යන කතාවේ ඇත්ත මෙන්න "
යුගයක් හැඩකල ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනියක් මියගිය බවට කටකතාවක් පැතිර ගියේ පසුගිය සතියේ අන්තර්ජාලයම කළඹවමින්.
මෙලෙස මියගිය බවට අසත්‍ය වාර්තා පළවූයේ මුම්ටාස් නම් රංගන ශිල්පිනියයි.
කෙසේ වෙතත් මෙලෙස මියගිය බවට වාර්තා පළවූ ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පිණිය තවමත් ජීවත් වන බව දක්වමින් ඇයගේ දියණිය විසින් විශේෂ පණිවුඩයක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ඇය එමගින් පෙන්වා දී ඇත්තේ තම මව නිරෝගී සුවයෙන් මේ වනවිට ඉතාලියේ ජීවත් වන බවයි.
එය සඳහන් කරමින් තම මව සමඟ සාප්පු සවාරියකට එක්වන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ඇය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
මුම්ටාස් මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන අතර ඉරානයේ උපත ලැබූ ඇය පසුව ඉන්දියාවට පැමිණ මුම්බායි හි පදිංචි වනවා.
රාජේෂ් ඛන්නා සමඟ එක්වූ මුම්ටාස් හින්දි සිනමාව ආක්‍රමණය කළ අතර එහිදී ඔවුන් වැඩිම මුදලක් අයකළ තරු ලෙස ප්‍රසිද්ධියට පත්වූවා.
1974 දි මයුර් මාද්වානි සමඟ විවාහ වූ ඇයට නතාෂා සහ ටාන්යා නමින් දියණියන් දෙදෙනෙක් සිටී.
විදෙස් ගතවීම හේතුවෙන් සිනමාවෙන් සමුගත් අය තමන් භාරගත් නිර්මාණ අවසන් වනතුරු ඉන්දියාවෙන් පිට නොවීම විශේෂත්වයක්.