යුද්ධය සහ සුනාමියෙන් සිදුවූ විනාශයට වැඩි හානියක් පසුගිය වසර 3 තුළ රටට මෙන්ම ආර්ථිකයට ද සිදුවී ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ අද (15) පැවැති ජන හමුවකට එක්වෙමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා සිටින තමන් ඇතුළු පිරිස අධිකරණය හමුවේ වැරදිකරුවන් කිරීමට ආණ්ඩුව ව්‍යර්ථ උත්සාහයක නිරත වී සිටින බවට එහිදී පැවසූ බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් කෙරේ වෛරයක් නොමැති බවත්, සිදුකළ ක්‍රියාවන් අමතක නොවන බවයි.