Gossips

රටට ඇති අවදානමක් ගැන, හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

සංහිඳියාවේ නාමයෙන් රට තුළ දරුණු තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ලංකා ජාතික සංඝ සභාව සහ ජාතික සංවිධාන සම්මේලන එක්ව හෝකන්දර – දක්ෂිණාරාමයේදී ඊයේ (19) සංවිධාන කර තිබූ රණ විරු සැමරුමකට එක්වෙමින්.
එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට රටේ පවතින ආර්ථික සහ දේශපාලන තත්ත්වය ජනතාව අවබෝධ කරගෙන සිටින බවයි.
මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද එක්ව සිටියා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය සැමරීමට ඉඩදීම සංහිදියාව නොවන බවයි.
ඒ අනුව ජීවිත පරදුවට තබා රණවිරුවන් ලබාදුන් විජයග්‍රහණය සුරැකීමට සෑම දෙනාගේ වගකීමක් බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.