Gossips

රටක් බලා සිටි අනූෂා – මේරි කොම් සටනේ ජය පැරදුම විසඳුනේ මෙහෙමයි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්ව යටතේ ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සහ ඉන්දියාවේ සුප්‍රකට බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමඟ අද (11) පැවති අවසන් පූර්ව වටය ජයගන්නට මේරි කොම් සමත් වුණා.
ඒ අනුව කොඩිතුවක්කුට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිව තිබෙනවා.
අනූෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්ව සඳහා පදක්කමක් දිනාගත් ප්‍රථම ක්‍රීඩිකාව වනවා.
ඔලිම්පික් පදක්කම්ලාභී මේරි කොම් සමඟ අනූෂා 2016 වසරේ අවසන් වරට තරඟ කළ අතර, එහිදී ඇතිවූ ආබාධිත තත්ත්වයක් නිසා ඇයට වසරකට අධික කාලයක් බොක්සිං ක්‍රීඩාවෙන් ඉවත්වීමටයි සිදුවූයේ.
එමෙන්ම 2014 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ද අනූෂා කොඩිතුවක්කුට අහිමිවූ අතර, ඒ ඇය එම තරගයට පෙර රිය අනතුරකට ගොදුරු වීම හේතුවෙන්.