Gossips

රටක් ආදරය කළ සුපිරි ක්‍රිකට් තරුව මහ රෑ පාරට

ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.
ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන අධියර පැවැත්වෙමින් තිබියදීයි.
සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේදී මාර්ගයේ ක්‍රීඩා කරන තරුණයන් පිරිසක් දැක තෙන්ඩුල්කාර් එම ස්ථානයට පැමිණ ඔවුන් සමග එක්වී තිබෙනවා.
ඔහු ක්‍රීඩා කරන ආකාරය දකින එම ස්ථානයෙන් රථ වාහනවල ගමන් කරන පිරිස් ද තෙන්ඩුල්කාර් දැක ගැනීමට පැමිණ ඇතැයි සඳහන්.
සචින් තේන්ඩුල්කාර් මෙවර අයි පී එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසට කටයුතු කරනවා.
ඔහු එම තරගාවලියේ තරග 78 කට ක්‍රීඩා කර ලකුණු 2334 ක් ලබාගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 13 ක් ද සමගින්.
සුපිරි පිතිකරුවා 2013 නොවැම්බර් 16 වනදා ජාත්‍යන්තර පිටියට සමුදුන්නා.
ජාත්‍යන්තර ශතක 100 කට හිමිකම් කියන එකම පිතිකරුවා ලෙසට ඉතිහාසයට එක්වී ඇත්තේ ද සචින් තෙන්ඩුල්කාර් වීම විශේෂත්වයක්.