Gossips

රජිව් ඝාතන නඩුව යළි විවෘත කළ නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ වෙයි

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුව යළි විවෘත කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දී තිබෙනවා.
ඒ, රජිව් ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින පේරරිවාලන් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සදහා කරුණු ගොනුකරමින්.
බෝම්බය සැලසුම් කළ පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිටින නමුත්, ඔහුගෙන් මෙතෙක් ප්‍රශ්න කර නොමැති බවයි ඔහු සිය පෙත්සමේ සදහන් කර ඇත්තේ.
මේ නිසා රජිව් ඝාතනයට යොදා ගත් බද පටි බෝම්බයට බැටරි සැපයූ තමා නිදහස් කරන ලෙස ද ඔහු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා.
කෙසේ නමුත්, පෙත්සමේ නීත්‍යානුකූළභාවය පිළිබදව අභියෝග කළ ඉන්දීය මධ්‍යම ඔත්තු සේවාව දැනුම්දී ඇත්තේ ඔහුට පැනවූ දඩුවම යළි සලකා බැලීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.