Gossips

රජරට 15ක් තනතුරු අත්හරී

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සහ අංශ ප්‍රධානීන් 14 දෙනා සිය පරිපාලන තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊයේ (09) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සඳහන් කළේ.
රඳවාගැනීමේ දීමනාව ලබාදීම අත්හිටුවීමට බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස තනතුරු වලින් ඉවත්වී තීරණය කර තිබෙනවා.
මෙම තත්ත්වයත් සමඟ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතුවලටද බාධා මතුවිය හැකි බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධනගෙන් අප විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ අතිරික්ත දීමනා සම්බන්ධයෙන් රජය නිකුත් කර ඇති චක්‍රලේඛයක් නිසා අදාළ දීමනාව නතර කිරීමට සිදුවූ බවයි.
කෙසේ වෙතත්, තමන් මෙම කාරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවධානයට යොමුකර ඇති බවයි උපකුලපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.