Gossips

රජරට සරසවි සිසුන් පන්දම් දල්වා විරෝධතාවක

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් ඊයේ රාත්‍රියේ මිහින්තලය නගරයේදි විරෝධතාවයක නිරත වුණා.
ඒ, පංති තහනමට එරෙහිව සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණපා සිටින ගැටලූවලට විසඳුම් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පසුගියදා කොළඹදී සිදුකළ වර්ජනයට සිදුකළ පහරදීමට විරෝධය පලකරමින්.
රජරට විශ්ව විද්‍යාලයේ සිට පන්දම් රැගෙන පාගමනින් මිහින්තලය නගරයට පැමිණ සිසුන් විරෝධතාවයේ නිරත වු බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.