Gossips

රජරට වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු අද සිට

රජරට වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු අද (26) සිට ආරම්භ කරන බව වෛද්‍යපීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
වෛද්‍ය පීඨ මහාචාර්යවරුන්ගේ සහ ආචාර්යවරුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කිරීම හේතුවෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවයි ඔහු කියා සිටියේ.
මහාචාර්යවරුන්ට සහ ආචාර්යවරුන්ට ලබාදුන් දීමනා කපා හැරීමට එරෙහිව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඔවුන් සිය තනතුරුවලින් ඉවත්වූ අතර, මේ නිසා සියලූම අධ්‍යයන සහ විභාග කටයුතුවලට බාධා එල්ලවුණා.