Gossips

රජරට විශ්වවිද්‍යාලයේ වසා දැමුණු පීඨ අද විවෘත කෙරේ

ජල හිඟය නිසා වසා දමා තිබූ රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ සියලූ පීඨ අද විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ප්‍රකාශ කළා.
ඒ අනුව කළමනාකරණ පීඨය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, තාක්ෂණ පීඨය සහ ව්‍යවහරික විද්‍යා පීඨය මෙසේ යළි විවෘත කෙරෙනු ඇති.
අනුරාධපුර දිස්ත්‍රික්කයට පසුගිය කාලයේ පැවති නියඟය හේතුවෙන් ජලය සැපයීමට නොහැකි නිසා අදාළ පීඨ පසුගිය මාසයේ තුන්වනදා සිට නිවාඩු ලබාදී තිබුණා.