Gossips

රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පීඨ 9 වන දා යළි විවෘත වෙයි

දැනට වසා දමා ඇති රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ සියලූම පීඨ එළඹෙන 9 වනදා සිට යළි විවෘත කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
සිසුන් පිරිසක් පසුගිය මස 21 වනදා එම විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල තුලට බලහත්කාරයෙන් ඇතුළුවීමත් සමඟ හට ගත් ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් එය තාවකාලිකව වසා දැමීමටයි පාලනාධිකාරිය කටයුතු කළේ.
එළඹෙන 6 වනදා සිට සිසු සිසුවියන්ට යළි නේවාසිකාගාරවලට පැමිණිය හැකි බවයි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජෙවර්ධන සඳහන් කළේ.