Gossips

රජරට රැජිනේ වන අලියෙකු ගැටේ

උතුර දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී අද (08) උදෑසන වන අලියෙකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබුවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ මෙම වන අලියා ගැටී ඇති බවයි.
අනතුරින් දුම්රිය මාර්ගයට හානි සිදුවී නොමැති අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.