Gossips

රජරට රැජිනේ මාරුවක් – මගීන්ගෙන් චෝදනා

පීලිපැනීම් හේතුවෙන් බාධා එල්ල වූ මුහුදුබඩ සහ කැළණිවැලි මාර්ගවල දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාදයක් සහිතව සිදුවන බවයි පාලක මැදිරිය සදහන් කළේ.
අද පෙරවරුවේ බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබූ ගාලූ කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වුණා.
මේ හේතුවෙන් අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුවට පමණක් සීමා වුණා.
මේ අතර, මෙම පීලිපැනීම හේතුවෙන් වව්නියාවේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ පැමිණි මගීන් අතර මගදී තවත් දුම්රිය කිහිපයකට මාරු කිරීම හේතුවෙන් ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවුණා.
එමෙන්ම, කැලණිවැලි දුම්රිය මාර්ගයේ කිරුලපන හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතරදී ද දුම්රිය පීලිපැනීමක් සිදුවුණා. එහිදී දුම්රිය මාර්ගයට, පාලමකට සහ අසල පිහිටි නිවාස කිහිපයකට ද හානි සිදුවූ අතර ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා.