Gossips

රජරට රැජිනට බාධා

මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රිය ගිංතොට ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.
දුම්රිය මාර්ගයට ඉහළින් ඇති පාලමක, යකඩ බටයක් දුම්රිය තුළට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
එහිදී කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, අනතුර හේතුවෙන් දුම්රිය මදක් ප්‍රමාද වී ධාවනය වී තිබුණා.
පසුව, රජරට රැජින දුම්රිය දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයට ළගා වනවිට පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබීම ද විශේෂත්වයක්.