Gossips

රජරට රැජිණ දුම්රියට වසර 50යි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රජරට රැජිණ දුම්රියට අදට වසර 50ක් සපිරෙනවා.
1968 වසරේ පෙබරවාරි 26 වන දා සිට මේ දක්වා කාලය තුළ මාතර සිට වව්නියාව අතර අදාළ දුම්රිය ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ නිමිත්තෙන් අද (26) දිනයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.