Gossips

රජය සමාජ මාධ්‍ය වාරණය වහා ඉවත් කළ යුතුයි – ඒකාබද්ධ විපක්ෂය

සමාජ මාධ්‍ය වාරණය වහා ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කවදාදැයි මන්ත්‍රීවරයා මෙහිදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.
මහනුවර සිද්ධිය පදනම් කරගනිමින් ආණ්ඩුව රටේ ගැටළු වසන් කරගැනීමේ උත්සාහයක නිරත වන බවයි ඔහු එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් කියා සිටියේ.