Gossips

රජය සතු මුළු මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814ක්

මධ්‍යම රජය සතු මෙතෙක් වාර්තා නොවූ සියලු මූල්‍ය නොවන වත්කම් වාර්තා කර ජනරජයේ මූල්‍ය ප්‍රකාශනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි වසර 02 තුළ ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ 2017 වසරේ මූල්‍ය තත්ත්ව වාර්තාව පිළිබඳ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්.
මෙම වාර්තාවට අනුව මේ වනවිට රජය සතු මුළු මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814ක්.
මෙම මූල්‍ය තත්ව වාර්තාව සකස්කරනු ලබන්නේ 2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ පනතේ සහ අනෙකුත් ව්‍යවස්ථාපිත විධිවිධානවලට අනුවයි.