ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආර්ථික විශේෂඥයින් මෙන්ම මහ බැංකු නිලධාරීන් සහභාගිවන විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.
රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්.
එමෙන්ම ලබන වසරේ මුල් මාස 4 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735 ක මුදලක් වෙන් කිරීම සදහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව ප්‍රකාශ කළා.
