Gossips

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් චෝදනාවක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමට සැලසුම්කර සිටින මාළඹේ සයිටම් ආයතනයේ ඇතැම් වෛද්‍ය සිසුන් අපොස සාමාන්‍ය පෙල විභාගය පමණක් සමත් අය බවට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය චෝදනා කරනවා.
මාළඹේ සයිටම් ගැටළුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාකර ඇති ආකාරය පිළිබදව පැමිණිලි කිරීමට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ නියෝජිතයින් පිරිසක් අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂුබල මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් සයිටම් ගැටළුව පිළිබදව දැනුවත් කිරීම සදහා අද පෙරවරුවේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ගැසී තිබුණා.