Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගයක් වැසේ

ප්‍රති ත්‍රස්ත පනත අහෝසි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ රජයේ වෘත්තිකයන් එක්ව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.
අද උදෑසන කොටුව දුම්රියපල ඉදිරිපිටට රැස්වූ මෙම පිරිස එහි විරෝධතාවක නිරතව පසුව පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණීමත් සමඟයි මාර්ගය වසා දැමීමට පොලීසිය පියවර ගත්තේ.