අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේද සහභාගීත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී අදාළ අමාත්‍යාංශවල පවතින උසස් කිරීමේ සහ බඳවා ගැනීමේ ප්‍රමාදයන් පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.
එම ප්‍රමාදයන් කඩිනමින් මග හැරවීමට මෙහිදී රාජ්‍ය සේවා කොමිසම එකඟ වී ඇති බව සඳහන්.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය වසර හතරක කාලසීමාව තුළ සිදුවූ දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
දුරකතන සංවාදයකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.