Gossips

රජයේ වෛද්‍යවරුන්, ජනපති හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) දහවල් පැවැත්වෙනවා.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුමේ ඇති අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.