Gossips

රජයේ විධායක ශ්‍රේණි 16ක නිලධාරීන් කොටුවේ විරෝධතාවක

වැටුප් විෂමතා ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ විධායක නිලධාරීන්ගේ කමිටුව ගාලූ මුවදොරට පිවිසෙන ලෝටස් වටරවුම අසළ මාර්ගයේ විරෝධතාවක නිරතවුණා.
විධායක ශ්‍රේණි 16ක නිලධාරින් පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
අද දහවල් 12.30ට පමණ මොවුන් ලංකා බැංකු මාවතෙන්, ඩී.ආර්. විජේවර්ධන මාවතෙන් සහ ඕල්කට් මාවතෙන් ලෝටස් වටරවුම ආසන්නයට පැමිණියා.
මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමුණා.