Gossips

රජයේ විධායක නිලධාරින් අගමැති සමඟ සාකච්ඡාවකට

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පස්වරු 4.30 ට පැවැත්වීමට නියමිතයි.
ඒ, වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම කමිටුව හෙට දිනයේ පැවැත්වීමට සැළසුම් කර ඇති වර්ජනය පිළිබඳව අවධානය යොමු කිරීමේ අරමුණින්.
මේ අතර වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පැනවීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය අද දහවල් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
මීට අමතරව අන්තර් සමාගම් සේවක සංගමයද අද පස්වරුවේ කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී තවත් විරෝධතාවක නිරතවුණා.