සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වු නව වැටුප් කොමිසම පත් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද (14) හිමිව තිබෙනවා.
කොමිසම පත් කිරීම සඳහා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරයි.
සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට මෙන්ම දුම්රිය සේවාව සහ අනෙකුත් රාජ්‍ය සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා මෙම විශේෂ වැටුප් කොමිසම පත් කර තිබෙනවා.
රාජ්‍ය අංශයේ දැනට පවත්නා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැටුප් චක්‍රලේඛවල විධිවිධාන කෙරෙහිද මෙම කොමිසමෙන් අවධානය යොමුකිරීමට නියමිතයි.
ඒ අනුව රාජ්‍ය සේවයට ඇතිවන බලපෑම් අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නව වැටුප් කොමිසමට මාස දෙකක කාලයක් ලබාදී ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.