Gossips

රජයේ රෝහල්වලට සන්නිවේදන පද්ධති 20ක්

ඩිජිටල් විකිරණ රූප සංරක්ෂණ සන්නිවේදන පද්ධතියක් සහ විකිරණ තොරතුරු පද්ධතියක් රජයේ රෝහල් 20 ක ස්ථාපිත කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව මැලේසියානු ආයතනයක් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
රෝගීන්ගේ සියලූ තොරතුරු සංරක්ෂණය කර ගබඩා කිරීමට සහ ඩිජිටල් විකිරණ ඡායාරූප විශාලනය කර බැලීමට මෙම පද්ධතිය මගින් හැකියාව ලැබෙනු ඇති.
නව සංරක්ෂණ සන්නිවේදන පද්ධතිය හරහා අවම පිරිවැයක් සහ කාලයක් වැයකර රෝග විනිශ්චය කිරීම පිළිබඳ නිවැරදි තීරණ ගැනීමට පහසුකම් සැළසෙන බවයි වාර්තාවන්නේ.