Gossips

රජයේ රස පරීක්ෂක හොරණ කම්හලට

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවකදී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 5 දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලට යවා තිබෙනවා.
එහිදී පානදුර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය උත්පලා ආටිගල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරනු ඇති.
මේ අතර, ඊයේ (19) දහවල් සිදුවූ මෙම අනතුරෙන් ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයින් 19 දෙනෙකු මේ වනවිටත් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය තමර කලූබෝවිල කියා සිටියේ.
එමෙන්ම, අදාළ සිද්ධිය පිළිබඳ රස පරීක්ෂණය සිදුකිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ රබර් සැකසුම් කර්මාන්ත ශාලාවට ඊයේ (19) පැමිණියා.