Gossips

රජයේ මුද්‍රණාලය ඉඩම් අමාත්‍යාංශයට

ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව ගැසට් කර තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
මේ වන විට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය දරන්නේ ගයන්ත කරුණාතිලකයි.
පසුගිය ඔක්තෝම්බර් 26 වන දා සිදුවූ ආණ්ඩු පෙරළියට පෙර දින ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබුවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පවරා ගැනීමට පෙර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති අතර, එවක ජනමාධ්‍යවරයා ලෙස කටයුතු කළේ ද ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයායි.