Gossips

රජයේ බැංකුවක් මංකොල්ලකයි

බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටි රජයේ බැංකුවකට අද (13) පස්වරුවේ පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි තිබු රුපියල් හයලක්ෂ විසිතුන්දහසකට ආසන්න මුදලක් මංකොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසනවා.
බැංකුවට ඇතුළු වූ මංකොල්ලකරුවන් සේවකයින්ට ගිනි අවි පෙන්වා බිය වද්දවා මෙලෙස බැංකු මංකොල්ලය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.