Gossips

රජයේ ණය ඉහළ යයි

මෙරට මධ්‍යම රජයේ ණය පසුගිය 2018 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2017 වසරේදී එය සටහන් වූයේ සියයට 77.6ක් ලෙසයි.
2018 වසර ආරම්භයේදී ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතිකය රුපියල් 153ක් වුවත්, එම වසරේ පෙබරවාරියෙන් පසු රුපියල පහත වැටීමක් දක්නට ලැබුණේ අසීමිත මුදල් මුද්‍රණය ආදී කරුණු හේතුවෙන්.
2018 වසර තුළ රුපියල සියයට 16කින් පහත වැටුණු අතර, මේ වසරේදී එය සියයට 2කින් වර්ධනය වී තිබෙනවා.
මේ වන විට රුපියලේ යම් ස්ථාවරවීමක් දක්නට ලැබෙන අතර, ඩොලරයක විකුණුම් මිල ඊයේ (08) සටහන් වූයේ රුපියල් 180යි ශත 19ක් ලෙසයි.