Gossips

රජයේ ජාතික ආණ්ඩු යෝජනාව ව්‍යවස්ථාවට පටහැනියි – මන්ත්‍රී දිනේෂ්

මුස්ලිම් කොංග්‍රසය සමඟ ජාතික ආණ්ඩුවකට එළඹීමට රජය ගෙන ඇති තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේ කැදවා තිබෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, රජය ජාතික ආණ්ඩුව ගැන රට තුළ සාකච්ඡාවක් ඇති කරන්නේ ජනතාවගේ ප්‍රශ්න අමතක කිරීමට බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මේ බව කියා සිටියා.