Gossips

රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු අදත් වැඩභාරගනී

නව රජයේ අමාත්‍ය, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් වැඩ භාරගත්තා. රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පෙරවරුවේ සිය අමාත්‍යාංශයේදී වැඩ භාරගත් අතර, චන්ද්‍රානි බණ්ඩාර වැඩ භාර ගත්තේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේදියි.
මේ අතර නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන අද සිය අමාත්‍යාංශයේදී වැඩ භාරගනු ලැබුවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රුවන් විජේවර්ධන අද සිය අමාත්‍යාංශයේදී වැඩ භාරගනු ලැබුවා.
එමෙන්ම සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග අද වනජීවී අමාත්‍යාංශයේදී වැඩ භාරගත් අතර, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේදී වැඩ භාරගත්තා.