Gossips

රජයේ ඇමතිවරයෙකු ‘වියත් මඟ’ අගයයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා ‘වියත් මඟ’ සම්මන්ත්‍රණයේදී කළ කතාව, ලංකා ඉතිහාසයේ වැදගත් දේශනයක් බව අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.