Gossips

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට මිස වෙනත් සේවකයන්ට වැටුප් ගෙවීම තහනම් කෙරේ

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට මිස වෙනත් සේවකයන්ට වැටුප් ගෙවීම තහනම් කෙරේ
රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිභාහිරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම තහනම් කෙරෙන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහා භාණ්ඩාගාරයේ කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ඔවුන්ට වැටුප් ගෙවීම මෙම චක්‍රලේඛය මගින් තහනම් වනවා.
එම උපදෙස්වලට පටහැනිව බඳවා ගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ ප්‍රධානියා විසින් වගකීම දැරිය යුතු වනවා.
රජයේ ව්‍යස්ථාපිත ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම භාරගත යුතු බවට පසුගියදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා.
පළාත් සභා ඇතුලු සියලුම රාජ්‍ය ආයතන විසින් සිය ආයතනවල දැනටමත් එවැනි සේවක පිරිස් ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීම සඳහා එම සේවක සංඛ්‍යා හා ඔවුන්ගේ වැටුප් පිළිබඳ තොරතුරු කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතු බවට අද නිකුත් කෙරුනු චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව ඉදිරියේදී ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියෙන් තොරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවන්නේ නම් ඒ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන භාර ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ ආයතනයන්හි මුල්‍ය ප්‍රධානීන් වගකිව යුතු බව ද චක්‍රලේඛයේ දැක්වෙනවා.