කිසිදු පාර්ශවයක් විසින් ප්‍රචාරය කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී නිසි අවබෝධයෙන් කටයුතු කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් නාලක කලුවැව කියාසිටියේ මෙරට දේශපාලන හා ආර්ථික උන්නතිය මෙන්ම ස්ථාවරත්වය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේ සමස්ත මහජනතාව ජාතික හැගීමෙන් හා නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම රටේ පොදු යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක්ව පවතින බවයි.
මෙම ජාතික එකමුතුව හා අවබෝධය දුර්වල කිරීම වෙනුවෙන් මේ වන විට විවිධ පාර්ශව මෙන්ම සංවිධානාත්මක කණ්ඩායම් විවිධ ක්‍රමවේද ඔස්සේ අසත්‍ය හා නොමග යවන සුලු ප්‍රචාර ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.
සමාජ මාධ්‍ය, වෙබ් අඩවි මෙන්ම ඇතැම් මාධ්‍ය ඔස්සේ ද මෙවැනි සාවද්‍ය මෙන්ම පදනම් විරහිත ප්රවෘත්ති හා මතවාද ව්‍යාප්ත කිරීම සිදුවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එවැනි නොමගය වන සුලු මතවාද මගින් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කිරීම හා මහජනතාව වෙත වැරදි තොරතුරු ලබාදීමෙන් වැඩබිම් ඇතුලු විවිධ ස්ථානවල නොසන්සුන්තාවක් නිර්මාණය කිරීම මෙවැනි සංවිධානාත්මක කණ්ඩායම්වල අරමුණයි.
ඒ අනුව කිසිදු පාර්ශවයක් විසින් ප්‍රචාරය කරන පදනම් විරහිත අසත්‍ය ප්රචාරයන්ට නොරැවටී නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙසටයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.