Gossips

රජගලතැන්නෙන් වසර 1200ක් පැරණි සෙල් ලිපි 5ක්

අම්පාර – රජගල තැන්න පුරාවිද්‍යා භූමියේ පැරණි දාගැබක සිදුකළ කැණීම් කටයුතුවලින් වසර 1200 ක් පැරණි සෙල්ලිපි 5 ක් සොයා ගෙන තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ එම සෙල්ලිපි මගින් රජගල තැන්න පුරාවිද්‍යා භූමිය පිළිබඳ තොරතුරු රැසක් හෙළි වන බවයි.