Gossips

රක්ෂිත දෙකක ගින්නක්

වවුනියාව – ඉරට්ටපෙරියකුලම් ඖෂධපිටිය රක්ෂිතයේ සහ මින්නේරිය වැව් රක්ෂිතයේ කොටසක හදිසි ගින්නක් හටගෙන තිබුණා.
ඉරට්ටපෙරියකුලම් රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් අක්කර 200 ක් පමණ විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ප්‍රදේශයට බලපා ඇති වියලි කාලගුණය සහ සුළඟ ගින්න සීග්‍රයෙන් පැතිර යාමට හේතු වී ඇති නමුත් පොලීසිය සහ වවුනියාව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව මේ වනවිට ගින්න මැඩපවත්වා තිබෙනවා.
මේ අතර මින්නේරිය වැව් රක්ෂිතයේ කොටසක ඇති වූ හදිසි ගින්නක් අක්කර 6 ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මින්නේරිය යුද හමුදා ගිනි නිවීම් ඒකකය, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව එම ගින්න ද මැඩපවත්වා තිබෙනවා.