Gossips

රක්ෂිතයක නිධන් හෑරූ හතරදෙනකු අත්අඩංගුවට

කරදියනාරු – ඇලිස්වැව රජයේ රක්ෂිතයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් හතරදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී කැණීම් සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
46, 50 සහ 52 හැවිරිදි වයස්වල පසුවන සැකකරුවන් කොස්ලන්ද, මොරවක සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.